දේශීය පුවත්

ජනවාරි 3 වැනිදා විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තුව තුළදි තමාට නිල වශයෙන් ලැබෙන තුරු ඒ පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අනුරාධපුර තලාව ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජන හමුවකට එක් වෙමින්.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමාට සහාය දැක්වුවන්ට ස්තූතිය පළ කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දි පැවැත්වුණි.

එමෙන්ම, MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කිරීමට තමන් සහය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා එහිදි ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මේ රටේ අතිමහත් බහුතරය පුන පුනාම කිව්වා, රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න එපා කියලා.

මගේ මැතිවරණ ව්‍යාපාරයේම මේ ගිවිසුම ගෙනල්ලා ගැහුවා..

ඒ තරම්ම දක්ෂ අන්දමින් මගේ මැතිවරණ ව්‍යාපාරයට උදවු කරන කණ්ඩායමකුත් හිටියා.

රටට කියනකොට රටට අහිතකර ගිවිසුම් එපා කියලා, ජනතා හඬට මුල් තැන නොදී දරදඩුකම ඉස්මතු වුණා.

අවසානයේ අපිව කෙලින්ම දේශද්‍රෝහීන්ගේ ගොඩට දැම්මා මේ එම් සී සී ගිවිසුම නිසා..

මම යෝජිත විපක්ෂනායකවරයා විදිහට එම් සී සී ඇතුළු ගිවිසුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑය ඉදිරිපිට කෑලි කෑලිවලට ඉරලා දාන්න සහයෝගය දෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More