දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ‌ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ‌ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා පත්වීමට නියමිත බව වාර්තාවේ.

රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිල සංචාරය වශයෙන් ඉන්දියාව ‌තෝරා ගනු ලැබූ අතර එම සංචාරයේදී කළ ආරාධනාවකට අනුව ‌මෝඩි මහතා ‌මෙසේ එළඹෙන ජනවාරියේදී ලංකාවට පැමිණීමට නියමිතය.

දැනටමත් ඉන්දීය රජයෙන් ‌මෙම දැනුම්දීම නිල වශයෙන් රජයට දැනුම් දී ඇති අතර රජය පාර්ශ්වයෙන් අදාළ දින වකවානු ලබා දීමෙන් පසු ‌මෙම සංචාරය ස්ථිර කිරීමට කටයුතු ‌කෙරෙනු ඇති බව පැවසේ.

කෙසේවෙතත් පුරවැසි පනත මුල්කරගෙන මේ දිනවල ඉන්දියාවේ පවතින ‌දේශපාලන අර්බුද ‌හේතුවෙන් ජනවාරි අවසානය දක්වා ‌මෙම ගමන පමාවීමට ඉඩ ඇති බව වාර්ත‌ා ‌වේ.

Maw rata



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More