ලොව පුරා ප්‍රචලිත කෙසෙල් කෙඳි රෙදිපිළි නිර්මාණ කිරීම මේ වන විට ශ්‍රී ලංකාව තුළත් ආරම්භ වී තිබේ.
මෙම නව ව්‍යාපෘතිය ආරම්භ වන්නේ ශ්‍රි ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය සමග මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ සංකල්පයකට අනුවයි.
2016 වසරේදී ඔවුන් ප්‍රථමයෙන් සිදුකර ඇත්තේ, කෙසෙල් කඳෙන් ලබා ගන්නා කෙඳි භාවිත කරමින් නූල් නිෂ්පාදනය කිරීමයි.
මේ වන විට කෙසෙල් කෙඳි 40%ක් සහ කපු නූල් 60%ක් යොදා ගනිමින් රෙදිපිළි, පාවහන්, අත්බෑග් වැනි නිර්මාණ කිරීමට ආරම්භ කර තිබේ.
එම නිර්මාණ එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පසුගිය (27) සිදුකෙරුණේ විෂයභාර අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර පසුගිය රජය සමයේ තමන් මුහුණ දුන් ගැටලු පිළිබඳව නව නිපයුම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය ඊයේ(28) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු අනාවරණ කළේය.
කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම
කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි – ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීමේ උත්සවයේ විශේෂ අවස්ථා.
Gepostet von Wimal weerawansa am Freitag, 27. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...