ව්‍යාපාරික පුවත්

සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 1005ක් ලෙස සඳහන් කර ඇත.

සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරට ඇසුරුම් ගත කරනු ලබන සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල රුපියල් 950ක් ලෙසත් ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති රුපියල් 930ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බව සඳහන්.

කිසියම් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවයි අති විශේෂ ගැසට් නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More