බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් ඉදිරිපිටට අද (28) උදෑසන හිටි හැටියේම කඩා වැදුණු වල් ඌරු රංචුවක් නිසා රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී වේල්ලක හැපි යළි මාර්ගය හරහා පෙරළී අනතුරට ලක්විය.
අනතුරට පත්ව ඇත්තේ බදුල්ල වීරියපුර ප්‍රදේශයේ එකම පවුලක පිරිසක් ගමන් ගත් මෝටර් රථයකි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.
Lankadeepa
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...