විදේශ පුවත්

චීනයේ ජංගම දුරකතන දැවැන්තයා වන හුවායි සමාගම සහ ඔප්පෝ සමාගම එකතුවී ඉන්දියානු වෙබ් සංවර්ධකයන් උපයෝගී කර ගනිමින් google ජංගම සංචල සේවාවට විකල්පයක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඔවුන්ගේ එකමුතුවේ සාර්ථකත්වය ආසියානු වෙළෙඳපොළ මෙන්ම ඉන් එපිට වෙළෙඳ පොළද අත්පත් කරගැනීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

දැනට google සමාගම සතුව තිබෙන ඇන්ඩ්‍රොයිඩ් ජංගම සංචලන පද්ධතියේ(Operating System- OS) ලෝක ආධිපත්‍ය අභියෝගයකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතී.එම සමාගම ජංගම සංචලන පද්ධතිවල ජගත් වෙළෙඳ පොළ තුළ 76%ක කොටසක් අත්පත් කරගෙන සිටී. නමුත් අමෙරිකානු සමාගම් වලට ඉහළින් කළු වලාකුලු කැටි ගැසෙන්නට පටන් ගෙන තිබේ.යම් කිසිවිධියකින් අමෙරිකානු සමාගම් ජගත් වෙළෙඳ පොළ තුලින් පලවා හරිනු ලැබුවහොත් එම සමාගම් වලට සිදුවන්නේ තමන්ටම දොස් පවරාගැනීමටය.

google සමාගමේ වත්මන් තත්වයට අභියෝග කළ හැක්කේ දුරකතන නිෂ්පාදන දැවැන්තයා වන google ඇන්ඩ්‍රොයිඩ් ජංගම සංචලන පද්ධතියම භාවිතා කරන හුවායි සමාගමටම පමණි. පසුගිය කාලය පුරාම චීන හුවායි සමාගමට අමෙරිකාව විසින් විවිධ තර්ජන සහ බාධා ඇතිකරනු ලැබීය. චීනයේ සමාගම් අතරින් අමෙරිකාවේ සම්බාධක දංගෙඩියට හසුවූ ප්‍රථම සමාගම හුවායි සමාගම විය.
අමෙරිකානු සම්බාධක වලින් මසකට පසුව හුවායි සමාගම google සමාගමේ කිසිදු තාක්ෂනික සහයෝගයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි”ස්මාර්ට්” ජංගම දුරකතනයක් නිපදවීමට සමත් විය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More