දේශීය පුවත්

එළඹෙන මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ඉදිරිපත් කරනු ලබන ජාතික ජනබලවේගයෙන් දිස්ත්‍රික් මට්ටමින් ජනතා විමුක්ති පෙරමණේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හා හිටපු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ මෙතෙක් කලක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ බිමල් රත්නායක රත්නපුරයටත්, අනුරාධපුරයත් තරග කළ ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. කුරුණෑගලින්, පාර්ලිමේන්තුව නියෝජනය කළ නාමල් කරුණාරත්නත්, උතුරු මැද පළාත් සභාව නියෝජනය කළ විතාන සමරසිංහ අනුරපුරින් ඉදිරිපත් වේ.

කොළඹින් අනුර දිසානායක හා ලක්ෂ්මන් නිපුන ආරච්චිද, ගම්පහින් විජිත හේරත්ද, කළුතරින් නලින්ද ජයතිස්සද, ගාල්ලෙන් නලින් හේවගේද මාතරින් සුනිල් හඳුන්නෙත්ති ද, හම්බන්තොටින් නිහාල් ගලප්පත්තිද, කෑගල්ලෙන් ගාමිණී රත්නායක ඇතුළු පිරිස් ඉසිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව එම දිස්ත්‍රික් ලැයිස්තුවලට ජාතික ජනබල වේගය නියෝජනය කරනු ලබන සාමාජිකයන් ද ඉදිරිපත් වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More