දේශීය පුවත්

ජනාධිපති ලේකම්වරයාට මෙතෙක් ලැබුණු වැටුප් සහ දීමනා හරි අඩකින් අඩු කරගැනීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර තීන්දු කර ඇත. ආචාර්ය ජයසුන්දර එම තනතුරට පත්වීමට පෙර සිටි ජනාධිපති ලේකම්වරයාට මාසිකව වැටුප් දීමනා හා වරප්‍රසාද වෙනුවෙන් රුපියල් 4,50,000 (හාර ලක්ෂ පනස්දහසක පමණ) මුදලක් ලැබී තිබිණි. මේ හැර නිල වාහන 4ක් නිල නිවෙසක් ඇතුළු තවත් වරප්‍රසාදද හිමිවිය.

එහෙත් ආචාර්ය පී.බී. ජයසුන්දර එම මුදලින් 50%ක් පමණ කපා දමා තමන්ගේ නිල වැටුප් ගෙවන ලෙස ජනාධිපති කාර්යාල ගිණුම් අංශයට උපදෙස් දී තිබේ. එසේම එක් නිල වාහනයක් පමණක් තමන්ට වෙන්කරන ලෙස දන්වා ඇති හෙතෙම ජනාධිපති ලේකම්වරයාට හිමි නිල නිවෙස ලබාගැනීම ප්‍රතික්ෂේප කොට සිය පෞද්ගලික නිවෙසේ සිට රාජකාරි සඳහා පැමිණීමට තීන්දු කර ඇත.

එසේම ජනාධිපතිගේ ප්‍රධාන උපදේශක ලෙස සේවය කරන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එහි සේවය කරන්නේ කිසිදු දීමනාවක් නොලබමිනි. ඔහු දිනපතා නිවෙසට යාමට සහ ඒමට ප්‍රවාහන පහසුකම් පමණක් ලබාගනිමින් ස්වේච්ඡාවෙන් සේවය කරන බවද ජනාධිපති කාර්යාලය පවසයි. රාජ්‍ය සේවයේ ඉහළම රාජ්‍ය නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා මෙලෙස ලබාදී ඇති ආදර්ශය ඉතා කලාතුරකින් වාර්තා වන සුවිශේෂ සිදුවීමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More