එ.ජා.ප.යේ නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා රනිල්-සජිත් හමුවක් ඉදිරි සතිෙය් පැවැත්වීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා දැනට ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටී. ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
දැනට අර්බුදයක් ලෙස එ.ජා.ප.ය තුළ වර්ධනය වී තිබෙන නායකත්වය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට දැරෙන අවසන් උත්සාහය මෙය බව මේ ගැන දේශයට කරුණු දැක්වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය. පසුගිය සති කිහිපය තුළ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙබඳු සාකච්ඡාවක් පැවැත්වීමට පැමිණෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කොතෙක් ඇවිටිලි කළද සජිත් එම යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. තමන් සිය ස්ථාවරය රටට ප්‍රකාශ කර ඇති නිසා ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් නොමැතිව පක්ෂ නායකයා සමඟ සාකච්ඡා කිරීම ඵලරහිත බව සජිත්ගේ අදහස වී තිබිණි.
අවසානයේ පක්ෂයේ සජිත් හිතවාදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ගේ බලවත් ඉල්ලීම අනුව රනිල්-සජිත් හමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස එකඟ වී ඇතැයි කියැවේ. එම උත්සාහයෙන් මෙම ප්‍රශ්නය නිරාකරණය නොවුවහොත් දෙපක්ෂයේම විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට ඉඩ ඇතැයිද කියැවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...