දේශීය පුවත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිථල අනුව නව විෂය නිර්දේෂය යටතේ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකා සිසුවා විසින් හිමි කර ගෙන ඇත.

එමෙන්ම, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උවිදු ප්‍රවීන් සුමනසේකර සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබේ.

ඔහු 2013 සහ 2011 වර්ෂවල ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියේ න්‍යායත්මක් අංශයේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා රන්පදක්කම හිමිකර ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් සිසුවා විසින් හිමිකරගෙන ඇත.

එමෙන්ම නව විෂය නිර්දේෂය යටතේ කලා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ තෙෂාණි වැලිගමගේ සිසුවිය විසින්.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන ඇත.

ඒ අනුව විනුර ඔසද ගාල්ලගේ සිසුවා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ද පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ සිසුවාද හිමකර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More