දේශීය පුවත්

ඉදිරි  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාමයෝජනා ඉදිරිපත් කරන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් ඉහළ දැමීමක් සිදු නොවුණහොත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමේ අවදානමක් නිර්මාණය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අනතුරු අඟවයි.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරි ඉදිරිපත් වූ බව ද ඒ නිසා එම  මැතිවරණයේදී අතිරේකව විශාල මුදලක් වැය කිරීමට සිදු වූ බවත් සඳහන් කරන මහින්ද දේශප්‍රිය මහතා දැනට පිළිගත් දේශපාලන පක්ෂ හැත්තෑවක් ලියාපදිංචි කර ඇති බැවින් එම පක්ෂ අතරින් වැඩි සංඛ්‍යාවක් අපේක්ෂකයන් එක් එක් කොට්ඨාශයෙන් ඉදිරිපත්  උවහොත් ජනාධිපතිවරණයෙන් ලැබූ අත්දැකීම මහ මැතිවරණයේදීත් අනිවාර්යයෙන්ම ලැබෙන බව සඳහන් කළේය. දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන අපේක්ෂකයන් ද මහ මැතිවරණයට ඉදිරිපත් වන බවද ඒ අනුව වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් ඇති වීමේ අවධානමක් පවතින බවද හෙතෙම සඳහන් කරයි.

දැනට අය කරන්නේ 1981 වසරේ නියම කළ මුදල බව පෙන්වා දෙන  සභාපතිවරයා ඒ වන විට පිළිගත් දේශපාලන පක්ෂ දහයකටත් අඩු සංඛ්‍යාවක් පැවතුන බව ද අවධාරණය කරයි.

එම කාලය හා සැසදීමේදී අද වන විට ඇප මුදල 50 ගුණයකින් වැඩි විය යුතු බවත් ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සඳහා රුපියල් 30.000ක්ද ස්වාධීන අපේක්ෂක රුපියල් 50,000 මුදල්ක් ද වශයෙන් අය කළ යුතු බවද පවසයි.

ඇප මුදල්වැඩි කිරීම සඳහා  යෝජනා  ඉදිරිපත් කර ඇති බවත් අදාළ සංශෝධන සඳහා  පාර්ලිමේන්තුවේ අනුමැතිය අපේක්ෂා කරන බව පවසන මහින්ද දේශප්‍රිය මහතා ඇප මුදල් වැඩි නොකළ හොත්” අපිට ඇපත නැති වෙනවා” යැයිද සඳහන් කරයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය නිකුත් කළ අතුරු වාර්තාවට අනුව අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළකීම සඳහා නීති පද්ධතියක් ඇතිකළ යුතු අතර අපේක්ෂක මුදල අවම වශයෙන් ලක්ෂ 10 දක්වා වැඩි කළ යුතු බව යෝජනා කර ඇත .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More