විදේශ පුවත්

ඉතිහාසයේ පළමු වතාවට ඉරානය ,රුසියාව සහ ඉන්දියාව එක්ව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදේ නාවික යුද අභ්‍යාසයක නිරතව ඇති බව වාර්තාවේ. යුද අභ්‍යාසය සම්බන්ධයෙන් කෙටි  නිවේදනයක් නිකුත් කරන ඉරානය සඳහන් කළේ ජාත්‍යන්තර නාවික වානිජ කටයුතු ආරක්ෂා කිරීම පිණිස මෙම යුද අභ්‍යාසය කිරීමට තම රාජ්‍යයන් තුන කටයුතු කළ බවයි.

තවද මෙම නාවික යුද අභ්‍යාසය මගින්  සාමය,මිත්‍රත්වය සහ සයෝගිතාවය සහ එක්ව කටයුතු කිරීම මගින් ස්ථිරසාර ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කළ බව ඉරාන නාවික අද්මිරාල්වරයෙකු මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

අමෙරිකාව, රුසියාව මැදිහත්වී යුරෝපයේ ක්‍රියාත්මක් කිරීමට නියමිත නෝර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය හේතුවෙන් යුරෝපයේ රටවල් වල සමාගම් වලටත් රුසියාවටත් සම්බාධක පැන්වීමට පනත් සම්මත කරගත් අතර ඉරානයට දැනටමත් ආර්ථික සම්බාධක පනවා ඇත. ඉන්දියාව පසුගියදා සම්මත කර ගත් නව පුරවැසි පනත සම්බන්ධයෙන් ඉන්දියානු මුස්ලිම්වරුන්ට වෙනස් කොට සලකා ඇතැයි පැවසූ අතර එම අමෙරිකානු තර්ජනයන් හමුවේ මෙවැනි දැවැන්ත යුද අභ්‍යාසයක් කිරීම දේශපාලන විශ්ලේෂකයන්ට අනුව ලෝකයේ අමෙරිකාවට එරෙහිව නව කඳවුරක් නිර්මානය වීමේ ප්‍රවනතාවයේ එක් සුවිශේෂී අවස්ථාවක් විය හැකිය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More