දේශීය පුවත්

කවුරුත් තේරුම් ගතයුතු රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව අගමැති මහන්ද රාජපක්ෂ මහතා පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී අද (27) පැවති සමස්ත ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපි ළමයින්ගේ හිත් තුලට දාන්නේ මොනවද කියන එක ගැන විශේෂයෙන්ම ප‍්‍රවේසම් වෙන්න ඕන යුගයක් මේක.

විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක‍්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත්වෙලා තියනවා.

මේ රටේ ප‍්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා.

ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චුපොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව.

සිංහල අලූත් අවුරුද්දත් සමහර පොත්වලින් හළලා.

ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා.

එතකොට අවුරුදු කිහිපයක් ගත වුණාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස් වෙලා.

පාසල්වල භාවිතාවන පෙල පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මහා සංඝරත්නයේ මඟ පෙන්වීමයටතේ, මේ රටේ දහම් පාසල්අධ්‍යාපනයට ළමුන් සහ තරුණයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා.

සිද්ධවෙන්න ඕන දේ තමයි ළමා සහ තරුණ පරපුර පන්සල, ජාතිකත්වය, අපේකම සොයාගෙන යන එක.

ඒ අරමුණ ඉටුකරගන්න කාලයත් එක්ක අපේ ප්‍රවේශය වෙනස් වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා.

දහම්පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසිලෙස ඇගයීමට වැඩපිළිවෙලක් තියෙන්නත් ඕන.

ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුලූවන්වෙලා තියෙන්නෙ.

ඒ වගේම දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්නත් වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More