පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස්ගේ වත්කම් පිළිබඳව මෙතෙක් විමර්ශනයක් පවත්වා නැත.
ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන අන්දමට ස්විස් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය සංක‍්‍ර‍්‍රමණික නිලධාරිනිය ලෙස කටයුතු කළ ගානියා ප‍්‍රැන්සිස් ශ‍්‍රී ලංකාවේ සිට ස්විට්සර්ලන්තයට ශ‍්‍රී ලාංකිකයන්ට දේශපාලන රැුකවරණ ලබාගැනීම සඳහා නිර්දේශ කිරීමේ අවසරය හිමි වී තිබුණි.
පසුගිය වසරේදී මෙරට සිට ද්‍රවිඩ ජාතිකයන් 1317 ක් ස්විට්සර්ලන්තයට ගොස් දේශපාලන රැුකවරණ ලබා තිබේ.
සුරිච් නුවර ද්‍රවිඩ ආරංචි මාර්ග පැවසුවේ ඇතැම් ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් රුපියල් ලක්‍ෂ පහ – දහය ගෙවා ස්විට්සර්ලන්තයට පැමිණ ඇති බවයි. මේ කිසිවකු මරණ තර්ජනවලට ලක්වූවන් නොවන බව ද හෙළි වී ඇත.
මෙලෙස සංක‍්‍රමණික වීසා බලපත් ලබාදුන් ශ‍්‍රී ලාංකිකයන් ගැන ස්විස් තානාපති කාර්යාලය ද තොරතුරු හෙළිකර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...