දේශීය පුවත්

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.

ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර් මහතා විසින් අමාත්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි සඳහන් පරිදි අධික රුධිර පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින් ඔහුගේ සමීපයට යා නොහැකි බවත් සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා කීවේ සිය සේවා දායකයා අත්අඩංගුවට ගෙන ඇති බවට ප්‍රචාරයක් පවතින බවයි.

කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.

එහිදී අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව විනාඩි 25 කට කල් තැබුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More