විදේශ පුවත්

අමෙරිකානු සෙනෙට් සභාව චීනයට එරෙහිව ආරක්ෂක පනත සම්මත කරගත් වහාම චීනය තම නොසතුට ප්‍රකාශ කර තිබේ. මෙම පනත ජාත්‍යන්තර ක්‍රමවේදයන් බරපතල ලෙස කඩාකප්පල් කරනු ලබන බව චීනය සඳහන් කර සිටී.

චීන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන පරිදි අමෙරිකාව ජාත්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේදී ඕනෑවටත් වඩා වැරදි පූර්වාදර්ශයන් පෙන්වා ඇත. හොංකොං දේශයේ ඇතිවී තිබෙන තත්වය සහ හුවායි සමාගම සම්බන්ධව අමෙරිකාවේ ස්ථාවරය ඔවුන් ජාත්‍යන්තර කටයුතු වලදී මැදිහත්වන කඩාකප්පල්කාරී ස්වාභාවය යළිත් වරක් තහවුරු කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසා සිටී. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන වූ ක්යුවාන් මහතා ප්‍රකාශ කර සිටියේ අමෙරිකාව සම්මත කරගත් 2020 ආරක්ෂක අධිකාරී පනත මගින් චීනයේ “එක් දේශයක් එක් ප්‍රතිපතියක්” යන චීනයේ ප්‍රතිපත්තිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ප්‍රසිද්ධියේ මැදිහත් වී ඇති බවත්ය.

“අමෙරිකාව ඒකපාර්ශවීයභාවය ආරක්ෂනවාදය” පෙරදැරිකරගත් ක්‍රියාමාර්ගවලට අනුගතව සිටින බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කාලය තුළ ලෝක ප්‍රජාව එකඟවූ දේශගුනය සම්බන්ධයෙන් වන පැරිස් සම්මුතිය සහ 2015 දී ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙළ සම්බන්ධයෙන්වූ එකඟතාවය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව වූ ක්යුවාන් මහතා අවධාරණය කරනු ලැබීය.
“අපි අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා සීතල යුද්ධ මානසිකත්වයෙන් ඉවත්වන ලෙස සහ හෙජමොනික තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙස” ඔහු අවධාරනය කළේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More