දේශීය පුවත්

අද වනවිට වර්තමාන ආණ්ඩුව දේශපාලන දඩයමක් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ආණ්ඩුව පත්වෙලා මාස 2ක් යන්න කලින් මේ ආණ්ඩුව දේශපාලන දඩයම පටන් අරන්. මේක නෙවෙයි ගෝඨාභය රාජපක්ෂගේ ජන වරම. මේ ජනවරම ලබා දුන්නේ මේ රට ඉදිරියට අරන් යන්න, දේශපාලන වෙනසක් කරන්න. එදා නිශ්ශබ්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ තනතුර තුළ යම් වැඩ කොටසක් කළා, ඒකට ගරුත්වයක් එක්කයි මේ ජනවරම ලබා දුන්නේ. නමුත් දැන් අද වෙලා තියෙන්නේ ගෝඨාභය මහතාම හුදෙකලා කරලා එදා රාජපක්ෂ මහත්තයාත් එක්ක පිටිපස්සේ හිටපු කල්ලිය නැවත වැඩ ආරම්භ කරලා තියෙනවා දේශපාලන දඩයම් කරන්න. කාට හරි අමාත්‍යවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට, දේශපාලකයෙකුට චෝදනාවක් තියෙනවා නම් මේ රටේ ස්වාධීන නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් නෑ. හැබැයි ඒක දේශපාලන ස්වරූපයක් අරගෙන දඩයමක් කරනවා නම් ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත වල පල්ලට ඇඳ දැමීමක්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More