දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් ඉවත් කිරීම අරමුණු කර ගනිමින් එක්ව ඇති බව එජාපයට පක්ෂ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර තිබේ .

එම වාර්තා අනුව රවී කරුණානායක මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන යන මහා නා හිමිවරුන්ගේ අවවාදයට හිස නමා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අන්තර්කාලින නායකත්වයට කරු ජයසුරිය මහතා පත් කළ යුතු බවය.

පක්ෂය මෙහෙය වීම සඳහා සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් සහ තමන් ද ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගෙන් යුතු පුර්ණ බලතල සහිත නායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

සජිත් ප්‍රේමදාස පාර්ශවයේ ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයම ඉල්ලා සිටියත් සජිත් ප්‍රේමදාස මහතා එවැනි ස්ථාවරයක නොමැති අතර ඔහු කතා නායක දේශබන්ධු කරු ජයසුරිය මහතා වෙත දුරකතනයෙන් පැහැදිළිව දැනුම් දී තිබෙන්නේ ඔහුගේ නායකත්වය සහ නායකත්ව මණ්ඩලය එක්ක සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට තමා සුදානම් බවය.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සංවාදයක් සජිත් ප්‍රේමදාස මහතා සහ රවී කරුණානායක මහතා අතර මේ වන විට නිර්මාණය වී තිබෙන අතර මොවුන් දෙදෙනා දිනපතාම දුරකතනයෙන් අදහස් සහ යෝජනා හුවමාරු කර ගනිමින් සිටින බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More