දේශීය පුවත්

ජනාධිපතිවරණ වේදිකාවේදී අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීම පිළිබඳව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ‘එම්.සී.සී ගිවිසුමෙන් රට බෙදනවා, රට ඇමෙරිකාවේ කොළනියක් කරනවා’ යනුවෙන් බොරු ප්‍රචාර ගෙනගිය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ටත් නඩු පැවරීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා  මහතා පැවැසීය.

දේශපාලනඥයන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවල  හෝ වේදිකාවල කියන කරුණු මත ඒ  ඒ ප‍්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය මත නඩු පවරන්නේ නම්  මේ රටේ සිටින  සියලු දේශපාලනඥයන්ට විරුද්ධව නඩු පැවරීමට සිදුවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා  සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද(26) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වැරදි කරුණක් ප‍්‍රකාශ කළා යනුවෙන් ඉතිහාසයේ කිසිදිනක අපරාධ නඩුවක් පවරා නොමැති  බව පැවසූ මන්ත‍්‍රීවරයා  එවැනි  නඩු පැවරීමට දණ්ඩ නීති සංග‍්‍රහයේ කිසිම ප‍්‍රතිපාදනයක් නොමැති බවත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More