දේශීය පුවත්

උදාවන 2020 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් ජනවාරි මස පළමු වැනිදා විශේෂ වැඩසටහන් සංවිධාන කරන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සෙසු සියළු අමාත්‍යංශවල ලේකම්වරුන්ට, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්ට හා රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

මෙහිදී ජාතික ධඡය ඔසවා ජාතික ගීය ගායනා කරන ලෙසද රණවිරුවන් ඇතුළු රට වෙනුවෙන් දිවි කැපකළ සියළු දෙනා සිහිකිරීම සඳහා විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසද අදාළ උපදෙස් මාලාවේ සඳහන්වේ.

රාජ්‍ය ආයතනවල සියළු සේවක සේවිකාවන් තමන්ට පහසු භාෂාවකින් රාජ්‍ය සේවා ප‍්‍රතිඥාව ලබාදිය යුතු බවද මෙම උපදෙස් මාලාවේ දැක්වේ.

2020 නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීම සඳහා වූ ප‍්‍රධාන උත්සවය ජනවාරි මස පළමු වැනිදා ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේදී සංවිධාන කෙරෙනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ‘‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මත පදනම්ව වැඩ කරන රටක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවයේ ආකල්පමය වෙනසක්ද සිදුවිය යුතු බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2020 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන වැඩසටහන්වලදී මෙම කරුණුද අවධාරණය කළයුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More