මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
මේ වනවිට ප්‍රතිඵල පරිගණකගත කර අවසන්ව ඇති අතර, එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරෙන්නේ කමිටු තුනක් විසිනි.
ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සිදු කරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කෙරුණු මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ විභාග දෙපාර්තමේන්තුවේ කමිටු දෙකක් විසිනි.
මෙවර උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,678 කදී පැවැත්වුණු අතර ඊට පෙනී සිටි අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ 37,704 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...