දේශීය පුවත්

පසුගිය රජය සමයේ අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව 07 ශේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ‘හතේ අපේ පොත’ පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ.

මේ වන විටත් එම පොත සිසුන් අතට පත්වී ඇත්නම් නැවත එය ලබා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. ජයන්ත වික්‍රමනායක මහතා සඳහන් කරයි.

එලෙස දරුවන්ගෙන් එකතු කර ගන්නා සහ සිසුන්ට ලබා නොදී පාසලේ රඳවාගෙන ඇති සියළුම පොත් පාසලට පැමිණෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලොරි රථවලට ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු දැනුම් දී ඇත.
පෙරේදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් චෝදනා කළේ ‘හතේ අපේ පොත’ මගින් ළමා මනස දූෂණය වන බවයි. එම අනාවරණයත් සමගයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More