දේශීය පුවත්

රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂයන් සහ කාර්යයන් සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය ඇමැතිවරුන් සඳහා විෂයන් සහ කාර්යයන් පැවරීමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල සන්දේශයට අනුව මෙම ගැසට් නිවේදන නිකුත් කළ යුතු බවත් එහි සඳහන් වේ.

ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙන් කර දිය යුතු විෂයයන්, කාර්යයන්, ඊට අදාළ ආයතන සහ අණපනත් සහිත ලේඛන ද එම ලිපිය සමඟ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (5) වගන්තිය ප්‍රකාරව මෙම ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත් දෙසැම්බර් 23 දාතමින් යුක්තව යවා ඇති එම ලිපියේ සඳහන් වේ. එසේම ඇමැතිවරයා රාජ්‍ය ඇමැතිවරයා ලවා ඉටුකර ගැනීමට අපේක්ෂා කරන කාර්යයන් ඇත්නම් ඊට අදාළ ආයතන, විෂයන්, කාර්යන් සහ අණපනත් ද උක්ත ගැසට් නිවේදනයට ඇතුළත් කරන්නැයි එම ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More