දේශීය පුවත්

ඉදිරි සියළුම මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අන්ත පරාජයකට ලක්වීම අනිවාර්ය බවත් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලට ගරහමින් ජනතා මතයට ගරු නොකරමින් ගෙනයන වැඩ පිළිවෙලින් ඉදිරියේ ඔවුන්ට පැමිණෙන අන්ත පරාජය තහවුරුවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.

“ රාජපක්ෂලාගේ රුපියල් බිලියන 18ක් තිබෙන බව කිව්වා. තව තව බොරු චෝදනා හුගක් කළා. දේශපාලන පලිගැනීම් කරන්න අසත්‍ය චෝදනා ගොනුකරලා නඩු පැවරුවා. මාස ගණන් බන්දනාගාර ගත කළා. මේ වා බොරු පැමිණිළි නිසා ඊට එහාට යන්න බැහැ. මේ පළිගැනීම්වලට එරෙහිව තමයි පළාත් පාලන මැතිවරණයේදී රටේ පොදුජනතාව ආණ්ඩුවට හොදවයින් කණේපාරක් ගැහුවේ. ජනමතයට ගරුකරමින් ආණ්ඩුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වන්නේ නැතුව දිගටම දේශපාලන පලිගැනීම් සිදුකරමින් අපිව හිරේ දානවනම් ඊලඟ සියළුම මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හේදිලා යනවාමයි. ”

යනුවෙන්ද දිළුම් අමුණුගම මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ ඊයේ (22) රාත්‍රි හිරු නාලිකාවේ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිණි.

මෙම වැඩසටහනේදී දිළුම් අමුණුගම මන්ත්‍රිවරයාගේ කරුණු ඉදිරිපත් කිරීම් වලදී බොහෝ අවස්ථාවලදී මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා අසරණ වන අයුරු දක්නට ලැබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More