පුරවැසි කොලම

ඝෝටාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍ය මාවතට නිසැකවම යොමු කරන බවට වීස්වාසය තැබිය හැක්කේ ඇයි ?

1.) පලවෙනි කරණය තමයි ඝෝටභය රාජපක්ෂ කියන්නේ අපේ රටේ වගේම සංවර්ධිත රටක කාලයක් සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ජිවත් වෙච්ච් මනුස්සයෙක්. එහෙම කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙන පලවෙනි අවස්ථාව මේක . කොච්චර සංවර්ධිත රටක් ගැන පොත් කියවල තිබුනත්, කරන්නේ කොහොමද කියල ඉගෙන ගෙන තුබුණත්, කොච්චර සංචරය කරලා දැකල තිබුනත් ඊට වඩා වෙනස් අත්දැකීමක් තමයි ඒ රටවල සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජිවත්වෙනකොට ලබන අත්දැකීම. සේවා ස්ථානවල කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද, පඩියට් ටැක්ස් වෙන්නේ කොහොමද, බඩුවල ගණන් වැඩිවෙන්නේ කොහොමද, ළමයිගේ අද්‍යාපන කටයුතු වෙන්නේ කොහොමද මේ ඔක්කොමත් එක්ක සහ සංවර්ධිත රටවල මිනිස්සුන්ගේ නිදහස කොහොමද, නිවාදුවට මොකද කරන්නේ, කොහොමද ඉන්නේ වගේ දේවල් ගැන අවබෝධයක් තිබුනම රටේ නායකයා විදියට ගන්න තීරණවල තියන පුද්ගල බලපෑම වැඩියි. මේක අත්‍යවශය දෙයක් රටක් සංවර්ධනය වීමට.

2.) අනෙක් සුවිශේෂීම කරණය තමයි ඝෝටභය කියන්නේ ලංකාවේ පලවෙනි වතාවට හිටපු ජනාධිපති කෙනෙක් හෙවනැල්ලක් වගේ ඉන්නන කෙනෙක් රටේ ජනාධිපති වෙන පලවෙනි කෙනා. ඊට පෙර කිසිම නායකයකුට මේ අවස්ථාව තුබුණේ නෑ. අනෙක් හැම ජනාධිපතිම පටන්ගත්තේ බින්දුවෙන් ඒත් ඝෝටභය පටන් ගන්නේ බින්දුවෙන් නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන මෙතුවක් ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය නායකයාගේ අවු. 10 ක අත්දැකීමුත් එක්ක. මහින්ද රාජපක්ෂට වැරදුනේ මොනවද හරියට කලේ මොනවද කියන එක ගැන හොද අවභෝදයක් ඇතිවයි දැන් ඉන්නේ. එක නිසා ඒ රජයක් යටතේ වුනු වැරදි අඩුපාඩු පවා නිවැරදි කරගෙන සුවිශේෂී ගමනක් යන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක් මේක.

3. ) අනෙක් කරණය තමයි අපේ රටේ තිබුන අනෙක් හැම ජනාධිපතිවරනයකම අප්ක්ෂක්ත්වය ලැබෙන්නේ අන්තිම මොහොතේ. ඔහුට ඔහුවේ වැඩපිළිවෙල හදාගන්න හරි වෙලාවක් නෑ. තමන් සමග ඉන්න අය එක්ක්කව්ත් හරි සම්මුතියක් නෑ මොකද කරන්නේ කොහොමද අරන්නේ කියල. ජනාධිපති වෙලා තමයි කරන්නේ කොහොමද කරන්නේ අදාල තැන්වලට කවද දන්නේ කියල තීරණය කරන්නේ. මේකට සැලකිය යුතු කාලයක් යනවා. එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි. හොදම උදාහරණය යහපාලන රජය. එක එක්කෙනා හතර පැත්තට ඇද ඇද ඉන්නවා මිසක් හරි පතිපත්තියක් නෑ. අවුරුදු 5ට ආර්ථික පතිපත්ති 9ක් එළිදක්වන්නේ එනිසා. නමුත් ඝෝටභය වැඩ පටන්ගන්නේ 2016 වගේ කලෙක ඔවුට සැලකිය යුතු කාලයක් තිබුන වියත්මග සවේ සංවිධාන හරහා සියලු අවංක විද්වතුන් හරහා ප්‍රක්ටිකලි කරන්න පුළුවන් සාර්ථක පතිපත්ති ප්‍රකාශනයක් හදාගන්න. එත් එක්කම එක එකිකියුට් කරන්න හොද ටිම් එක්ක හදාගන්න. එක නිසා මේ 16 පස්සේ පළමු ත්ත්පරේම ඝෝටභ්යට පුළුවන් වෙනවා තමාගේ දැක්ම රට වෙනුවෙන් ඉම්ලිමෙන්ට් කරන්න පටන් ගන්න.

මෙන්න මේ කරනා නිසා අන් කවර දාකටත් වඩා අපිට අද රට ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ මල් වට්ටියට බය නැතුව අතගහන්න පුළුවන්. ඔබත් එකේ ගෞරවාන්විත කොටස් කාරයෙක් වෙන්න.

-දේෂක කෝට්ටගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More