දේශීය පුවත්

යුද සමයේදී කොටි සංවිධානයෙන් සාමාන්‍ය වැසියන් බේරාගැනීමේ මෙහෙයුමේදී පෙරමුණු ගත් මෙන්ම යුද්දෙන් පසුවද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැප වූ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ සමුගැනීම වෙනුවෙන් විශේෂ උත්සව කිහිපයක් කිලිනොච්චිය වැසියන් විසින් සංවිධානය කොට තිබුණි.

විජිත රවිප්‍රිය මහතා පසුගිය දිනයන්හි මෙන්ම පසුගිය වසරේද කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට බලපෑ අධික ගංවතුර තත්වයන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් බේරා ඔවුන්ට සහන සැලසීමේ පරටුගාමියා වූවා සේම පසුගිය කාලයේදී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට බලපෑ නියගය සමයේදීද සහන සැලසීමට දැඩි කැපවීමක් වූ නිලධාරියෙක් වශයෙන් ප්‍රදේශයේම දැඩි ජනප්‍රිය පුද්ගලයෙකි.

මේජර් ජෙනරල් විජිත රිවිප්‍රිය මහතා යුදහමුදා මූලස්ථානයේ විශේෂ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් ස්ථානමාරු වී යාම හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය සභාවේ සහ පරිවිපන්ජාන් ප්‍රදේශයන්හි නැවත පදිංචි ජනතාව විසින් සමුගැනීමේ සහ උපහාර දැක්වීමේ උත්සවයන් සංවිධානය කොට තිබූනි.

එහිදී සාමාන්‍ය වැසියන් විසින් විජිත රවිප්‍රිය මහතාවෙනුවෙන් විශේෂ තිළිණ හා සැමරුම් මෙන්ම උපහාරයන් දැක්වූ අතර සාමාන්‍ය වැසියන් කියා සිටියේ යුද හමුදා නිලධාරියෙකු වශයෙන් සිටියද සාමාණය ජනතාව සමග ඉතා සමීපව කටයුතු කිරීම කිසිදිනක අමතක නොවනු ඇති බවටත් යුද සමයේදී ජනතාව බේරු රණවිරුවට සදා ණය ගැති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More