විදේශ පුවත්

සිරියාවේ සිටින ජිහාඩ්වරුන්ට එරෙහිව සටන් කිරීමට එකඟතාවය ප්‍රකාශ කර තිබියදීත් අමෙරිකාව ඔවුන්ව සිරියාවට එරෙහි ප්‍රතිපත්තියක සිට මෙහෙයවනු ලබන බවත් ඉඳහිට ඔවුන්ට උදව් උපකාර කිරීමට පෙළඹෙන බවත් සිරියානු විදේශ ඇමතිවරයා පවසයි.
ඊයේ(25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් සිරියානු විදේශ ඇමති වාලිඩ් මුආල්ලෙම් මහතා “අමෙරිකාව ISIS ත්‍රස්තයන් පඹයකු ලෙස භාවිතා කරනවා. ඒ අතරම අමෙරිකාව ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයනවා.ත්‍රස්තවාදීන්ව ධෛර්යමත් කරවනවා.ඓSඓS නායකයන්ව ආරක්ෂා කරන අතරම ඔවුන්ට එක් තැනක සිට තවත් තැනකට යාමට අවශ්‍ය පහසුකම් පවා සලසාදෙනවා.” යනුවෙන් පැවසීය.

සිරියානු ආන්ඩුව දිගින් දිගටම අමෙරිකාවට චෝදනා කරන්නේ විදේශ ඉස්ලාම් සටන්කරුවන්ට පහසුකම් සලසන බවත් ඔවුන් සිරියානු ආන්ඩුවට එරෙහිව සටන් කරනතාක් ඔවුන්ගේ පුරසරාම් ප්‍රචාරය කරන බවත් අවධාරනය කරමිනි.අමෙරිකාව දිගින් දිගටම සිරියානු භූමිය තුළ නීති විරෝධීව රැඳී සිටින්නේ ISIS ත්‍රස්තවාදීන් විනාශ කරනවා යැයි පවසමිනි. නමුත් තෝරාගත් ප්‍රදේශයක ත්‍රස්තවාදීන් විනාශ කළ බව සහතික කළ පසුව පවා අමෙරිකානු යුද සෙබලුන් එම ප්‍රදේශවල සිටිනු දකින්නට ලැබේ.

ඉතාම මෑතකදී සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ ඛනිජ තෙල් ආශ්‍රිත ප්‍රදේශ මුදවා ගත්තද එම ප්‍රදේශයේ තෙල් ලිං වල ප්‍රයෝජනය සිරියානු නීත්‍යානුකූල ආන්ඩුවට ලබාගැනීමට අමෙරිකාව අහුරා ඇත.
සිරියානු විදේශ ඇමතිවරයාට අනුව සිරියානු ජාතියට අයත් ඛනිජ තෙල් සම්පත සංවර්ධනය කර ගැනීම පිණිස විදේශ සමාගම් සමඟ කටයුතු කිරීමේදී එය වලක්වාලීමට එම සමාගම් වලට සම්බාධක පවා පැනවීමට අමෙරිකාව කටයුතු කිරමින් සිටී.
“අමෙරිකාවේ සම්බාධක නම්වූ මෙම මුග්ධ ක්‍රමවේදය නිසා පීඩාවට පත්ව සිටින සියලු ජාතීන් ඊනියා අමෙරිකානු සම්බාධක එරෙහිව එක ධජයක් යටතට පැමිණිය යුතුය” යැයි සිරියානු විදෙශ ඇමතිවරයා අවධාරණය කරනු ලැබීය.

 

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 

(පසුගිය මාර්තුවේදී සිරියාවේ සහ ලිබියාවේ ISIS ත්‍රස්ත බලය පැතිරී ඇති ආකාරය දක්වන අමෙරිකානු ජනාධිපතිවරයා)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More