දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ බිම් මට්ටමේ නායකයන් බහුතරයක් ‘‘මං පොර’’ සංකල්පයෙන් කටයුතු කිරීම නිසා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකට ලැබිය යුතු ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වූ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය 23 දින පිලිමතලාවේදී ඉදිරි මැතිවරණය පිළිබඳව පැවති අභ්‍යන්තර සාකච්ඡාවකදී පැවසීය.

පූජ්‍ය පක්ෂය නොසලකා ගමේ සාමාන්‍ය ජනතාව නොතකමින් න්‍යාය මත පදනම්ව දේශපාලනයේ යෙදුණු බිම් මට්ටමේ ජවිපෙ නායකයන් පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලනය කළ යුත්තේ කෙ​ලසදැයි පාඩමක් ඉගෙන ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණයේදී ද ජවිපෙ බිම් මට්ටමේ නායකයන් අදාළ සංකල්පයෙන් කටයුතු කළ හොත් ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු අවසන් විය හැකි බවටද එම සාකච්ඡාවේදී කේ.ඩී. ලාල්කාන්ත අනාවැකියක් පළ කළේය.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More