දේශීය පුවත්

පාසල් පෙළ පොත්වල දෝෂ සහිත බවට මාධ්‍ය මගින් පළ කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් ඉතිහාසය වෙනස් කර ඇත්නම් කඩිනමින් නිවැරදි කිරීමටද පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.

පාසල් පෙළ පොත්වල දෝෂ සහිත බව ජාතික උරුමයන් සුරැකීමේ මහ සම්මේලනය පෙරේදා (24දා) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම, ගුරුවරු මාරු කිරීම් වැනි සම්ප්‍රදායික සේවා පමණක් අධ්‍යාපන අමාත්‍යවරයකු විසින් සිදුකරන බව ජනතාවගේ මතය යැයි අමාත්‍යවරයා සඳහන් කරයි. නමුත් අධ්‍යාපන අමාත්‍යවරයකුට ඊට වඩා වගකීමක් ඇති බව මෙවැනි සිදුවීම් තුළින් තමාට පෙනී ගිය බව ඔහු අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත්

අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසැල් පෙළ පොත් නිකුත් කරලා… 5 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් දළදා මාළිගාව ඉවත් කරයි (Video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More