දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදුකරගෙන යන පරීක්ෂණ වල වර්තමාන තත්වය දැන ගැනීමට කටයුතු කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බරපතළ චෝදනා සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත් ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට තමාට වාර්තා වන නිසා ඒ බව ලිඛිතව මේ සතිය ඇතුලතදී අල්ලස් කොමිසමෙන් විමසීමට කටයුතු කරන බව වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් වෙනත් රටකට පැන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවත් ඔවුහු දිගින් දිගටම මේ ආකාරයෙන් සැඟවී සිටීම තුළින් පරීක්ෂණ වලට බාධා පැමිණ නිසා ඔහු සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත් කිරීමේදී හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විශාල කාර්යභාරයක් සිදුකර ඇති බැවින් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම කඩිනමින් පියවර ගත යුතු බවද රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More