දේශීය පුවත්

වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකුගේ ගෙල තුවාල කර ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෝගස්වැව පොලීසිය කියයි.

සැකකරුද එම හමුදා කඳවුරේම සේවය කරන සෙබළෙකු බවත් තුවාල ලැබූ සෙබළාගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලීසිය මෙම සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවය ගෙන ඇත.

========================================

වව්නියාවේදී හමුදා සෙබළෙකුට ප්‍රහාරයක්.. රාජකාරී ගිනි අවියත් පැහැර ගනියි

වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබලෙකුට අද (25) පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහලගත කොට ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි.

අදාල යුදහමුදා සෙබලා යුදහමුදා මුරපොළෙ සිට සේවා මුරය අවසන් වී කඳවුරට එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් සැඟව සිට හමුදා සෙබලාට පහරදී ඇති අතර ඔහු සතුව තිබී ගිනිඅවියද අතුරුදහන් වී ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.

යුද හමුදා සෙබලාගේ ගෙල ප්‍රදේශයේ දැඩි කැපුම් තුවාල ඇති වීම හේතුවෙන් උදව් ඉල්ලා කෑගැසීමටද නොහැකි වී ඇති අතර මුරකුටිය වෙතට තවත් යුද හමුදා සෙබලෙකු යමින් සිටියදී බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා දැක ඇත.

පහරදීමෙන් බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට ගෙන ඒමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර යුද හමුදා රෝහල වෙතට යවා ඇති බවට වාර්ථා වෙයි.

මේ අතර වව්නියාව, බෝගස්වැව හමුදා කදවුරේ සෙබළෙකුට පහරදී පැහැර ගැණුනු ගිනිඅවිය කැකිරාව ප‍්‍රදේශයේ සගවා තිබියදී සොයාගෙන තිබෙනබව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පවසයි.

ඒ, යුද හමුදා පොලීසිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ විමර්ශනයකදීයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More