ප‍්‍රධාන පුවත්

සිල් රෙදි නඩුතීන්දුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනා ඊයේ සිරගත කිරීමෙන් ටික වේලාවකට පසු ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද ඇතුළු පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී හමුවී තිබෙයි.පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වී තිබෙන අතර ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම දෙදෙනා බන්ධනාගාර රෝහලට මාරු කිරීම ගැනත් අභියාචනයකින් ප්‍රශ්නය විසඳාගතහැක්කේ කෙසේද යන්න ගැනත් රනිල් සමග සාකච්ඡා කර ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.

මෙම හමුවීමෙන් පසු ඊයේ සවසෙ මේ දෙදෙනා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි‍ෙමේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි ඔවුන් රඳවා ඇති බවත් වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබෙන බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More