දේශීය පුවත්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිසි වේලාවේදී අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද (25) මහනුවරට ගොස් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

ඉකුත් ජනාධිපතිවරණය සමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් යොදා ගෙන සිදුකළ බව කියන අපරාධ සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශවලට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනාවට ලක්ව සිටියි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයයි.

මේ අතර අද මහනුවරට ගිය අවස්ථාවේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක තමන්ට එරෙහිව සිදුවන අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ද අදහස් පළ කළ අතර එම, චෝදනා නිසා දුර්වල නොවන බවත්, තවදුරටත් පෙරට යන බවත් අවධාරණය කර සිටියේය.

රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පළාගිය බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනා ලැබ සිටින අතර මෙම චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඔහු ඇපමත නිදහස ලැබූවේ ඊයේ (24) දිනයේයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More