දේශීය පුවත්

රටේ ආරක්ෂාව සහ ආර්ථිකය සමෘද්ධි වූ තැන සැබෑ නත්තලක් නිර්මාණය වන බව පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි පවසයි.

නත්තල වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ පැවසීය.

“නත්තලේ ප්‍රධාන තේමාව වන්නේ සාමය. ආගම දහම තියෙන්නේ ජනතාව අතර සාමය, සමාදානය, සහෝදරත්වය ගොඩනැංවීමටත් මිනිසා ජීවත් කරවීමටත්.

ආගමික අන්තවාදය, ආගමික ත්‍රස්තවාදය ක්‍රියාත්මක වනවානම් එය ආගමික කතුවරුන්ගේ ඉගැන්වීම නෙවෙයි.

බුදු මැඳුරත් දෙව් මැදුරත් ඉදිවිය යුත්තේ මිනිසුන්ගේ හදවත් තුළයි.

ආගම දහම ඇත්තේ මිනිසා ජීවත් කරවීමට මිස මිනිසා මැරීමට නෙවෙයි.

වර්තමාන රජයට ලොකු වගකීමක් තියෙනවා, මිනිසුන්ට නිදහසේ තමන්ගේ ආගම ඇදහීමේ නිදහස උදා කර දීමට.

රටට ආරක්ෂාව ලබා දීම වගේම දුප්පතා දෙපයින් නඟා සිටුවීම වත්මන් රජයට ඇති තවත් අභියෝගයක්.

රටේ ආරක්ෂාවත්, ආර්ථිකය සමෘද්ධිමත් වුණොත් එතැනයි සැබෑ නත්තල “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More