දේශීය පුවත්

සහල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ සහල් මාෆියාවේ දෙදෙනෙකු විසින් බවත්, ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප්‍රශ්නය විසඳිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.

පසුගියදා මාතරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේය. එහිදි තවදුරටත් අදහස් පළකල සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

‘‘මේ වෙනකොට වෙළඳපොළේ හාල් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. එසේම හාල් වැඩි මිලට අලෙවි කිරිම නිසා සිල්ලර වෙළඳුන්ට දඩ ගහලා උසාවි ගෙනියන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

හැබැයි අපි හිතන්නේ සිල්ලර වෙළදුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිල්ලර වෙළදුන්ට විකුණන්න වෙලා තියෙන්නේ තොග වෙළදුන්ගෙන් ලැබෙන මිලට. තොග වෙළදුන්ට වෙලා තියෙන්නේ හාල් මෝල් හිමියන්ගෙන් සැපයුම් කරන මිලට අලෙවි කරන්න.

මෙතනදි අල්ලන්න ඕන සිල්ලර වෙළදුන් නෙමෙයි මේ මාෆියාව නිර්මාණය කළ මුදුනේ ඉන්න අය. එතන වැඩි පිරිසක් නැහැ. නඩු දානවනම් දෙන්නටයි නඩු දාන්න ඕන. ජනාධිපතිතුමාට ඒ දෙන්න කවුද කියලා හොයා ගන්න ඕන නම් කඩේකට ගිහින් හාල් උර දෙකක් අරන් බලන්න පුළුවන්.

එතකොට පෙනේවි ඒ දෙන්නගේ නම් දෙක. එහෙනම් ලංකාවේ හාල් මාෆියාවේ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නටයි දඩුවම් දෙන්න ඕන. ඇත්තටම අද හාල් හිඟයක් නැහැ . මොකද පොළොන්නරුවට ගිහින් බැලුවනම් පෙනේවි ගබඩා කරලා තියෙනවා. ඒ හාල් වෙළඳපොළට නිකුත් කරන්න ඕන.

ගබඩා පහසුකම් තියෙන්නෙ දේශපාලන බලය තියෙන දෙදෙනෙකුට පමණයි. අන්න ඒ දෙන්නට දඩ ගැහුවනම් හරි සාමාන්‍ය සිල්ලර වෙළදුන්ට දඩ ගහන්නෙ නැතුව. ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තියෙනම් එක පෑන් පාරෙන් පුළුවන් මේ හාල් මාෆියාව විසඳන්න.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More