දේශීය පුවත්

අද දින මහනුවර දළදා මාලිගාව අභියසදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජාතියෙන් සමාව අයැද සිටියේය.

2004 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබාගැනීමට ආසන නොහැකිව සිටියදී ජාතික හෙළ උරුමය සතු ආසන 9 ද එම සන්ධානයට ලබාදෙමින් සන්ධාන රජයක් පිහිටුවීමට සහාය ලබාදීම පිළිබඳව චම්පික රණවක මහතා පළමුවෙන් සමාව අයැද සිටියේය.

එසේම විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් ලක්ෂ්මන් කදිරගාමර් මහතාට අගමැතිකම ලබාදෙන ලෙස එම වර්ෂයේදීම දැඩිව බලකර සිටියහ. එහෙත් එයට විරුද්ධ වූ පාඨලී ඇතුළු ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම ලබාදීය යුතු බව එකහෙළාම කියා සිටියහ.

දින ගණනාවක අරගලයකින් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට වසර දෙකහමාරකුත් ලක්ෂ්මන් කදිරගාමර් මහතාට වසර දෙකහමාරකුත් අගමැති ධූරය දැරීමට ඉඩ දීමේ එකඟතාවයකට විමල් වීරවංශ ඇතුළු පිරිස සමඟ පැමිණීමට හැකි විය. එහෙත් ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2005 වර්ෂයේදී ඝාතනයට ලක්වීම නිසා දිගටම අගමැති ධූරයේ රැදී සිටීමට මහින්ද රාජපක්ෂ මහතාට දිගටම අගමැති ධූරය දැරීමට හැකි විය.

මෙලෙස විමල් වීරවංශලාට එරෙහිව විශාල අරගලයක් සිදුකර මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබා දීම පිළිබඳවද පාඨලී චම්පික රණවක මහතා ජාතියෙන් සමාව අයැද සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More