දේශීය පුවත්

වසර 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 25000 ක ස්ථාවර තැන්පතුව යහපාලනය ආණ්ඩුව අවසන් වන විට රුපියල් ලක්ෂ 8000 දක්වා පහළ වැටී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 17000 කින් ස්ථාවර තැන්පතු අඩුවී ඇතැයිද හෙතෙම කීවේය. 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලයේදී මානව සම්පත්වලින් පමණක් නොව භෞතික සම්පත් වලින් ද ස්වාධීන රූපවාහිනී ආයතනය දියුණු කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඇසිදිසි මැඳුර ශ්‍රවණාගාරයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මාධ්‍ය ආයත හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැන නිතර නිතර කතා කරන යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ පාලන කාලයේදී කළ විනාශයන් පිළිබඳ තව කරුණු රැසක් ඉදිරියේදී හෙළි කරන බව හෙතෙම කීවේය.

මෙම විනාශයට සම්බන්ධ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමටත් පෙර ඔවුන්ගේ සෙවය අතහැර පළා ගොස් ඇති බව පැවැසු ඒ මහතා වැරදි දේ නොකළේ නම් එලෙස පැන යෑමට අවශ්‍ය නැති බව කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More