දේශීය පුවත්

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එක්සක් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් සාකච්ඡා කර ඇත.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මෙම කටුයුතු කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාව පිළිබඳවද එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණෙන් බිහිවන පුළුල් පෙරමුණට සම්බන්ධ වන දේශපාලන පක්‍ෂ, බහුජන සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංගම් ඇතුළු පාර්ශ්ව රැසක් සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, එක්සත් ජාතික පක්‍ෂයේ මූලිකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුළුල් බලවේගයක් බිහිකිරීම මෙම සන්ධානය පිහිටුවීමේ අරමුණ බවත් එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ ආරංචිමාර්ග වැඩිදරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More