විදේශ පුවත්

බොලිවියාවේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ විපක්ෂය ගෙනගිය උද්ඝෝෂන හා එරට ආරක්ෂක අංශ කුමන්ත්‍රණකාරී ලෙස හැසිරීම හේතුවෙන් රටින් පලායාමට සිදුවූ බොලිවියානු ජනාධිපතිවරයා නැවත වරක් එළඹෙන මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය දෙන “සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය( MOVEMENT FOR SOCIALISM) ” ජයග්‍රහනය කරවන බවත් ඉන් පසුව තමා බොලිවියාවට පැමිනෙන බවත් පවසා සිටී.
“ආරක්ෂක හේතූන්මත මගේ උපක්‍රම සියල්ල මට හෙළි කළ නොහැකියි. නමුත් කෙනෙක් තමාගේ රටට යා යුතුමයි.” යනුවෙන් ආජන්ටිනාවේ බුවනෝස් නුවර සිටින රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටියේය.
බොලිවියාවේ ලා පාස් නුවර පිහිටි එරට ජනාධිපති මන්දිරයේ සිට ආජන්ටිනාවේ දේශපාලන රැකවරණ ලබා ගැනීම දක්වා පසුගිය නොවැම්බරයේ සිට ඔහු පැමිණි ගමන සුව පහසු ගමනක් නොවේ. ඉවෝ මොරලෙස් යනු ලතින් අමෙරිකාවේ සිටින අතලොස්සක් වූ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයන්ගෙන් සුවිශේෂී චරිතයකි. බොලිවියාවේ පැවැත්වූ ජනාධිපතිවරණය දූෂිත එකක් බව පවසමින් විපක්ෂය උද්ඝෝෂන ආරම්භ කළ අතර ඉවෝ මොරාලෙස් නව ජනාධිපතිවරණ ඡන්දයක් යෝජනා කළද එරට විපක්ෂය එයට එකඟ නොවුනි.විපක්ෂයේ උද්ඝෝෂන තීව්‍ර වෙමින් යන අතර තුර ඉවෝ මොරාලෙස්ට පක්ෂපාතිත්වය ප්‍රදර්ශනය කළ එරට ආරක්ෂක අංශද ඔහුට විරුද්ධව නැගී සිටි අතර බොලිවියාව තුළ ඇතිවීමට ගිය සිවිල් කල කෝලාහල වැලැක්වීමේ අරමුනින් ඉවෝ මොරාලෙස් බොලිවියාවෙන් පලා ගියේය.

බොලිවියාවෙන් මෙක්සිකෝවටත් එතැනින් ආජන්ටිනාවටත් පලාගිය ඉවෝ මොරාලෙස්ට ආජන්ටිනාවේ අභිනවයෙන් පත්වූ ජනාධිපති ඇල්බෙටෝ ෆර්ඩිනැන්ඩස් මහතා එවෝ මොරාලෙස් හට දේශපාලන රැකවරණ ලබා දීමට ඉදිරිපත්ව සිටී. බොලිවියාවේ දැන් තිබෙන අන්තර්වාර පාලන රජයේ නායකත්වය උසුලන ජෙනෙනීන් අනෙස් මහත්මිය ඉවෝ මොරාලෙස් මහතා “රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණකරුවෙකු හා ත්‍රස්තවාදියෙකු” ලෙස නම් කළ අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබීය. “ඉවෝ මොරාලෙස් සිය ජීවිතයේ ඉතිරි කාලය සිපිරි ගෙදරක ගත කරනු ඇති” යනුවෙන් පසුගියදා මාධ්‍ය හමුවේ ඇය ප්‍රකාශ කළාය.
බොලිවියාවෙන් පලා යාමට ප්‍රථම බොලිවියානු පොලීසිය හෝ ආරක්ෂක හමුදාව හෝ බුද්ධි අංශ රට තුළ සිදුවෙමින් පැවතුනු කුමන්ත්‍රණය පිළිබඳ තමා දැනුවත් නොකිරීම සම්බන්ධව තමාට කනගාටුවක් පවතින බව ඉවෝ මොරාලෙස් රොයිටර් පුවත් සේවයට පවසා සිටියේය.
තවත් දින 120කින් පැවැත්වෙන බොලිවියානු මහ මැතිවරණයෙන් තම “සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය( MOVEMENT FOR SOCIALISM) ” අනිවාර්යෙන්ම ජයගන්නා බව ඔහු පවසා සිටියේය. ඉවෝ මොරාලෙස් ගේ “සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය( MOVEMENT FOR SOCIALISM) ” සාමජිකයෝ මැතිවරණය ජයග්‍රහනය කරවීමේ කටයුතු වල නායකත්වය ඔහුටම පවරාදීමට කටයුතු කර ඇති අතර එළඹෙන ඉරු දින අපේක්ෂකයන් තේරීමේ කටයුතු කිරීමට පක්ෂ නායකයෝ ආජන්ටිනාවේ බුවනෝස් අගනුවරට රැස්වීමට නියමිතය.
බොලිවියාව යනු ලතින් අමෙරිකාවට නිදහස ලබාදීම වෙනුවෙන් අරගල කළ සිමොන් බොලිවාර් සිහිවීම පිණිස නම් ලැබූ රටක් වන අතර මෙතෙක් ලොව පහළවු අද්විතීය ජාත්‍යන්තරවාදියෙකුවූ චේ ගුවේරා අවසන් සටන මෙහෙය වූ අරගල භූමියද වේ. ලොව පුරා සිටින සමාජවාදී විමුක්තිකාමීන් ඉවෝ මොරාලෙස්ගේ ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි බලාපොරුත්තු දල්වා බලා සිටී.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
(ඉවෝ මොරාලෙස් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර සිට රොයිටර් මාධ්‍යවේදීන්ට සම්මුඛ සාකච්ඡාව ලබාදෙන අතර තුර)


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More