දේශීය පුවත්

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසල පෙළ පොත් නිකුත් කර තිබෙන බවට ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ සාමාජික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා කරයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා

‘‘රජය විසින් ලබන වසර සඳහා 5 ශ්‍රේණියට නිකුත් කරන ලද පොතේ උතුරු හා නැගෙනහිර එක් පළාතක් ලෙස නිරුපණය කෙරෙනවා. මේක අත් වැරදීමක් නෙමේ. පහුගිය රජය ව්සින් ගෙන ගිය බෙදුම්වාදි වැඩ පිළිවෙලේම කොටසක්.

පහ වසර ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් උගන්වන්න ඉතා පැහැදිලිව වෙනත් පාටවලින් පළාත් පාට ​කොට තිබුණත් උතුරු සහ නැගෙනහිර එකම පාටකින් පාට කරල ළමයින්ට උගන්වන්න හදන්නේ වැරදි දෙයක්. ඊට අමතරව මේ පොතේ 5 වෙනි පිටුවේ රටේ පළාත්වල වැදගත්කම පෙන්වල දීලා තියෙනවා. එහි දළදා මාලිගාව සහ සිංහරාජය ලකුණු කරලා නෑ. ඊට අමතරව මේ පොතේ 45 වැනි පිටුවේ අපේ රටේ උත්සව කියලා වෙසක් උත්සවය කියලා තියෙනවා. ඒත් වෙසක් කියන්නේ අපේ ආගමික වත්පිළිවෙතක්.

උතුරු මැද පළාතෙ පෙන්නුම් කරන තැන උතුරු මැද පළාතේ ඓතිහාසික උරුමය පෙන්වීම වෙනුවට පාපන්දුවක් තියන් ඉන්න ළමයෙක් තියල තියෙනවා. මේ ඔක්කොම එකම කුමන්ත්‍රණයක කොටස් බවයි පෙනෙන්නේ. මේවට පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා මේ පොත නැවත වහාම පාසල්වලින් එකතු කරන්න කියලා’’ යැයිද හෙතෙම කීවේය.

එජාපයේ පමණක් නෙමේ, ශ්‍රි ලනිපය හා පොහොට්ටුවෙත් ඉන්නවා මේ ඊනීයා නිජභූමි මතවාදය අමුවෙන් ගිලපු අය

එජාපයේ පමණක් නෙමේ, ශ්‍රි ලනිපය හා පොහොට්ටුවෙත් ඉන්නවා මේ ඊනීයා නිජභූමි මතවාදය අමුවෙන් ගිලපු අය – 2019-12-24 මාධ්‍ය හමුව ( මහජන පුස්ථකාලය)

Gepostet von Lanka C Voice am Dienstag, 24. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More