දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී නියෝජිතයන් කිහිපදෙනකු සිය ආසන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට එරෙහි පිළිවෙතක් අනුගමනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගම සිය ආසනය විපක්‍ෂයේ පිළියෙල කරන ලෙස වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට සහය පළ කළ වසන්ත සේනානායක වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ සිය මන්ත්‍රී අසුන ආණ්ඩු පක්‍ෂයේ පිළියෙල කරන ලෙසයි.

එමෙන්ම පූජ්‍ය අතුරළියේ රතන හිමියන්ද සිය මන්ත්‍රි අසුන ආණ්ඩු පක්‍ෂ කොටසේ ස්ථානගත කරන ලෙස වේත්‍රධාරීවරයාට දුරකතන ඇමතුමකින් දැනුම් දී ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන්ට යම් ස්ථානයක් වෙන් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇතත් එය සිදුකර ගත යුතු සම්මත ආකාරයක් තිබේ. එය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා වෙත දුරකථන ඇමතුම් ලබාදීමෙන් සිදුකර ගත නොහැකිය. තම ආසනය පිළියෙල කළ යුත්තේ කෙසේදැයි යන්න කථානායකවරයා වෙත ලිඛිතව දැනුම්දීම අදාළ මන්ත්‍රීවරයාට පැවැරෙන වගකීමක් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More