ව්‍යාපාරික පුවත්

සියලුම ප්‍රධාන වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමටත් එම සහල් සහනදායි මිලට ජනතාවට ලබාදීමටත් අද (24) පැවැති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත.

එමෙන්ම උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර ඇත.

ඉදිරි මහ කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් සකසන ලෙසට ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) රැස්වූ ජීවන වියදම් අනුකමිටුව මගින් මෙම තීන්දු තීරණ ගෙන ඇත.

එමෙන්ම ජනතාවට දැනෙන ලෙසට සහල් මිල අඩුකිරීමට අවශ්‍ය තීන්දු තීරණද එහිදී ගෙන ඇත. ඒ අනුව දිවයිනපුරා ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට ද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු එහිදී පෙන්වාදුන් අතර ඒ සම්බන්ධ වැටලීම් තවදුරටත් සිදුකරන බවද ඔවුහු මෙහිදී පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන්වන චමල් රාජපක්‍ෂ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක, මහින්ද යාපා අබේවර්ධන, සනත් නිශාන්ත, තාරක බාලසූරිය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර යන මහත්වරුන්ද අමාත්‍යංශ ලේකම්වරුන්ද මෙම සාකච්ඡාවට සහභාගිවූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More