දේශීය පුවත්

ළමා මනස දුෂණය කරන ග්‍රන්ථයක් පසුගිය ආණ්ඩුව සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති බවත් , වහාම එය අවලංගු කළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද(24) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, රාජිත සේනාරත්න මහතා හා අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත් වීම මත නව යොවුන් විය පිළිබඳ ලබා දුන් 7 ශ්‍රේණියේ පෙළ පොත එම වයසේ දරුවන්ට නොගැළපෙන එම දරුවන්ගේ ගුණදර්ම බරපතළ ලෙස බලපෑම් එල්ල කරන අයුරින් මෙය පොත සකසා ඇති බවයි.

සමාජයේ ඇති සම්බන්ධතා පිළිබඳ යම් නරක නැඹුරු වීමක් මෙම පොත තුළින් ළමුන්ට ලබා දෙන බවත් පැවසු උන්වහන්සේ ඒ තුළින් රාජිත සේනාරත්න මහතාගේ හෝ අකිල විරාජ් කාරියවසම් මහතාගේ වැරදි අදහස් ඇති ආකාරයෙන් බලන නරක සමාජයක් නොවන බවත්, අතලොස්සක් එවැනි ක්‍රියා හේතුවෙන් සමස්ත සමාජයට මෙය ගළපා ගැනීමට යෑමෙන් සමාජ බැඳීම් විනාශ වී යන බවත් පැවසීය.

මෙය හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවු වැරදීමක් නොවන බවත් පැවසු උන්වහන්සේ මෙය හිතා මතා සිදුකර ඇති සංස්කෘතික විනාශයේ එක් කොටසක් බවත් කියා සිටියේය.

ඒනිසා මෙම පොත තහනම කරන ලෙස වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More