ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දින පාර්ලිමේන්තු සංකිරීණයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකිර්ණයේ පිහිටි ජනාධීපති කාර්යාලයේදීය.
වර්තමාන දේශපාලන තත්ත්වය සහ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
ජනාධීපති සහ විපක්ෂ නායක අතර පැවති මෙම සාකච්ඡාවට මාවෙයි සේනාධිරාජා, එම්. ඒ සුමන්තිරන් යන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවුන්ද සහභාගීවී තිබේ.
මෙම සාකච්ඡාව පවත්වා ඇතිතේ විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...