දේශීය පුවත්

කොළපාට ඇදුම් හැඳ කතානායකවරයා විසින් කරනු ලබන රංගනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුව පහළ මට්ටමකට ඇද වැටෙනු ඇතැයි පියිතුරැ හෙළ උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේහි පිහිටි පිවිතුරැ හෙළ උරැමය පක්ෂ කාර්යාලයේදී අද (24දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“රණවක මන්ත්‍රිතුමාගේ නිදහස පතා පවත්වන බෝධි පූජාවකට කතානායකතුමා සහභාගි වෙලා තිබෙන බවට වෙබ් අඩවි වාරතා කර තිබෙනවා. මන්ත්‍රිතුමා බලන්න සිර ගෙදරටත් ගිහින් තිබෙනවා. අපේ මන්ත්‍රිවරුන් 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

එක් අයෙකු බලන්න හිර ගෙදරට ආවාද? අපේ මන්ත්‍රිවරුන්ව ගෙවල් වලට පැනලා අරගෙන ගියා. එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද? නෑ. තමන් ලංකා ඉතිහාසයේ බිහි වුණු අපකීරතිමත්ම සහ පක්ෂග්‍රාහිම කතානායක බව නැවත වතාවක් කරු ජයසූරිය මැතිතුමා සනාථ කරලා තිබෙනවා.

මේ රටේ අපක්ෂපාතී විය යුතු කතානායකතුමන් කොළපාට ඇදුම් ඇදගෙන මේ කරන විකට රංගනය නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුවත් දෙකම ඉතාම පහත් මට්ටමකට ඇද දමන්න කරු ජයසූරිය මැතිතුමන් කටයුතු කරලා තියෙනවා කියන එක ඉතාම කණගාටුවෙන් සදහන් කරන්න ඕනෑ” යැයිද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More