දේශීය පුවත්

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වරෙන්තුව නිකුත් කර තිබේ.

රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබුණේ ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන්න දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් දෙදෙනෙකු යොදවාගෙන හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

මේ තුළින් ඔහු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන මෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බී. නෙළුම්දෙණිය මහතා අදාළ වරෙන්තුව නිකුත් කළේය.

 

=============================

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළළු ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් නිකුත් කර තිබේ. තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද ඉන් අනතුරුව සුදුසු ඇපයක් මත මුදාහරින්නැයිද සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයඳුම්පතක් ගොනුකර තිබේ.

? Breaking NewsWeb: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk#‎HiruNews #BreakingNews‬ ‪#‎lka‬ ‪#‎SriLanka‬ #HiruTV #Hiru #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Gepostet von Hiru News am Dienstag, 24. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More