හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ කොට්ඨාස සංවිධායකවරයෙකු ඊයේ (23) සවස සිට මේ දක්වා විරෝධතාවයක නියැලෙමින් සිටිනවා.
ඒ හිගුරක්ගොඩ තෙමහල් පොදු වෙළද සංකීර්ණයේ වහලය මත සිටයි.
වහලය මතට යා නොහැකි පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් වෙළද සංකීර්ණයේ පහළ සිට විරෝධතාවයට තම සහය ලබා දෙමින් සිටින බව සඳහන්.
පාර්ලිමේන්තු සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ තම දේශපාලන බලය අත්තනෝමතිකව භාවිත කර ගනිමින් හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට තම ගම්මාන සංවර්ධන වැඩසටහන සඳහා රජයෙන් ලබාදෙන මුදල් අත්හිටුවා තම හිතවතුන්ට ලබාදීමට විරුද්ධවයි මෙම විරෝධතාවය පවත්වන බව වාර්තා වන්නේ.
විරෝධතාවයේ නියැලෙන මන්ත්‍රීවරුන් අදාළ බලධාරියෙකු මඟින් නිසි පිළිතුරක් ලබාදෙන තුරු මෙම විරෝධතාවය අඛණ්ඩව කරගෙන යන බව ප්‍රකාශ කර සිටිනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...