දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පරස්පර, අසත්‍ය සාක්ෂි පැවසීම කොමිසමට කරන අපහාසයක් බවත්, ඒ සඳහා දඬුවම් කිරීමට හැකි බවත්, කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරට පැවසීය.

ඊයේ (23 වැනිදා) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමේදී සිදු කළ නිරවද්‍ය නොවන කරුණු විමසමින් සභාපති විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳව එය සිදුවීමට පෙර කරුණු දැන සිටියේද යන්න කොමිසම ඔහුගෙන් කරුණු විමසා සිටියේය.

මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරගේ එවකට පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්. එස්. උපේන්ද්‍ර කොමිසම හමුවේ කියා සිටියේ, පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඊට අදාළ ලොග් සටහන් පොත වෙනස් කිරීමට පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර තමා සමග සාකච්ඡා කළ බවත්, ඔහුගේ උපදෙස් මත කටයුතු කළ බවත්ය.

මේ සම්බන්ධයෙන්ද ඊයේ (23 වැනිදා) කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරගෙන් කරුණු විමසා සිටියේය.

ඊයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර වෙනුවෙන් නීතිඥ ප්‍රියානි රත්නායක සහ නීතිඥ කමල් ගුණසිංහ පෙනී සිටියහ.

එසේම පොලිස් පරීක්ෂක ආර්. එස්. උපේන්ද්‍ර වෙනුවෙන් නීතිඥ මොහාන් සෙල්ලපෙරුම පෙනී සිටියේය. පසුව නීතිඥවරයා මෙම පිපිරීම සම්බන්ධයෙන් වූ අනතුරු ඇඟවීමේ වාර්තාව පිළිබඳ වූ ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් කරුණු විමසීය.

රජයේ නීතිඥවරයා : නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් පිපිරීම සම්බන්ධයෙන් උතුර කොට්ඨාසයෙන් වාර්තා කැඳෙව්වාද?
සංජීව බණ්ඩාර : ඔව්.
රජයේ නීතිඥ : එම වාර්තාව ඔබ දැක්කාද?
සංජීව බණ්ඩාර : 22 හෝ 23 යන දිනවල දැක්කා.
රජයේ නීතිඥ : එම අවස්ථාවේ ඔබ එම ලිපියට අත්සන් කර ඇති බව දුටුවාද?
සංජීව බණ්ඩාර : එම අත්සනේ කොටසක් මගේ නෙවෙයි, දිනය ප්‍රකාශ කර තිබුණත් මා දිනය දාන ආකාරය නෙවෙයි.

පසුව කොමිසම මේ ලේඛනය සම්බන්ධයෙන් පැය 3 කට ආසන්න කාලයක් කරුණු විමසා සිටියේය.

එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර අසත්‍ය තොරතුරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය.
ඔහු කියා සිටියේ ඔහුගේ පෞද්ගලික සහකාර පොලිස් පරීක්ෂක ආර්. එස්. උපේන්ද්‍ර විසින් සකසා අත්සන් කරන ලද ලියැවිල්ලක් බවය.

පසුව රජයේ නීතිඥවරයා දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර එම ලේඛනයට යොදා ඇත්තේ තමාගේ අත්සන බව පිළිගනු ලැබීය. කෙසේ වෙතත් මෙහිදී සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුට A4 වර්ගයේ කොළ දෙකක් දී ඔහුගේ සුපුරුදු අත්සන එක කොළයක ඉහළ සිට පහළට තීරු දෙකකට එන අයුරින් තබන ලෙසට නියෝග කළේ ය.

අනෙක් කොළයේද එම ආකාරයෙන්ම අත්සන සහ දිනය සටහන් කරන ලෙස නියෝග කරමින් කොමිසමේ ලේකම්වරයාට කියා සිටියේ එම ලේඛනවල සත්‍ය පිටපත් රජයේ අත් අකුරු පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙසය. පසුව මෙම අසත්‍ය කරුණු කොමිසම හමුවේ ප්‍රකාශ කිරීම කොමිසමට කළ අපහාසයක් බවත්, එයට දඬුවම් කළ හැකි බවට කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා සාක්ෂිකරුට දැඩිව අවවාද කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More