දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සිදුවෙද්දී, රණවිරුවන් හිරේ දාද්දී, ස්වාමින් වහන්සේලා හිරේ දාද්දී පන්දම්  පත්තු නොකර ඒ කිසි දෙයකට විරුද්ධ නොවුණ  එජාපය චම්පික හිටපු අමාත්‍යවරයාගේ සිද්ධියේදි  නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ සදහා පන්දම් පත්තු කිරිම විහිලුවක් බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ්  පතිරණ මහතා පවසයි.

ඊයේ ( 23)  දින ගාල්ලේදි  මාධ්‍යවේදීන් හමුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

“අද රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. හිටපු ඇමති චම්පික රණවක මහතාගේ සිද්ධියත් ඒ වගේ. ආණ්ඩුව  විදියට අපි මේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නෑ. අද මාධ්‍ය මඟින් මේ සිද්ධිය ගැන රටටම හෙළිවෙලා තියනවා.

 

මෙහි යුක්තිය පසිඳලිමේ ක්‍රියාවලිය පොලීසිය සහ අධිකරණය සිදුකරාවි. ඒ ගැන අපි අදහස් ප්‍රකාශ කරන්නේ නෑ. මොනවා වුණත් ඕනෑම දෙයක් වෙනුවෙන් විරෝධය පල කිරිමේ අයිතිය තියන බව අපි පිළිගන්නවා. නමුත් පසුගිය පාස්කු ප්‍රහාරය වෙලාවේ හිනාවෙවි හිටපු අය, ස්වාමීන් වහන්සේලා හිරේ දාද්දි හ්ම් නොකියපු අය රට බේරගනිපු රණවිරුවන් හිරේ දාද්දී කටවල් වහන් හිටපු අය අද මේ පන්දම් පත්තු කිරිම විහිලුවක්. පාස්කු ප්‍රහාරයේ මියගිය කිසිවෙකු වෙනුවෙන් කිසිදු පන්දමක් පත්තු නොකර අය මේ කරන වැඩ ගැන රටේ ජනතාව තීන්දුකරාවි”  යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More