දේශීය පුවත්

පාඨලීට ඇප… රියදුරු ඇතුළට

December 24, 2019 11:00 am | Lanka Lead News

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.

මුදලින් රුපියල් 25,000 ක් ද, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රණවක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වර්ෂයේ දී සිදුකළැයි කියන රිය අනතුරක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පසුගිය සතියේ දී හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More